“එක්ස්ෆයර්ඩ් නායකයන්ට රැවටිලා අපි නිදිමරාගෙන රටපුරාම තාප්ප වළ චිත්‍ර ඇන්ද”

තෙල් මිල වැඩිකිරීමට ප්‍රධානම හේතුව ඛනිජ තෙල් අමාත්‍යාංශය පාඩු ලැබීම නෙමෙයි අපට තෙල් ගේන්න විදේශ විමිනිමය නැතිකම කියලා බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින්ම දැන් කියනවා..

හරියටම බැලුවොත් කාබනික පොහොර නාඩගම පිටුපස තියෙන ඇත්තම හේතුවත් රසායනික පොහොර ගෙන්වීම වෙනුවෙන් වැය කරන්න තරම් විදේශ සංචිත මුදල් නොමැති තරමට රටේ භාන්ඩාගාරය හිඳීයාම්ස් කියන හේතුව තමයි.
වාහන ආනයය නතර කිරීමේ සිට වැසිකිලි කොමෙඩ් එක ගෙන්වීම ටයිල් කැටේ ගෙන්වීමේ සිට කහ ටික ගෙන්වීම පවා නතර කල ප්‍රධානම හේතුවත් අපේ රට මුහුන දී සිටින දැඩි ඩොලර් හිඟය බව අමුතුවෙන් කිවයුතුත් නෑ.
බංගලාදේශය වැනි රටවල්.වලින් පවා ඩොලර් මිලියන දෙතුන් සීයේ සොච්චම් ණය හිඟාකන තරමට අසාර්ථක පාලකයින් විසින් අද වන විට රට බංකලොත් කරලා ඉවරයි.

මේ වන විට අපේ රටේ විදේශ සංචිත වල තියෙන්නෙ ඩොලර් බිලියන 4 ක් විතරයි.
ඒකෙනුත් ඩොලර් බිලියනයක් වැය කරලා ලබන මාසෙ මුල අපේ රට ලබාගත්තු ස්ව්රීත්වය බැඳුම්කර ණයක් ගෙවන්න තියෙනවා..
ඊට පස්සෙ ඉතුරු වන විදේශ සංචිත ප්‍රමානය ඩොලර් බිලියන 3 යි.
මේ යනවිට රටට අත්‍යවශ්‍යම ආහාර ටිකයි බෙහෙත් ටිකයි ගේන්නවත් බැරිවන් තරමේ විදේශ සංචිත වත්කම් හිඟයකට රට මුහුන දීලා මේ අර්බුදය මහා පිලිකාවක් දක්වාම වර්ධනය වෙන්න වුනත් ඉඩ තියෙනවා.
අපේ රටේ ආර්ථිකයත් මේ වන විට මාරක කොරෝනා වසංගතය හා සමාන මහා ව්‍යසනයකට මුහුන දී සිටින බව මේ අනුව ඉතාම පැහැදිලිවම පෙනී යනවා.
කල් පැනපු එක්ස්ෆයර්ඩ් අසාර්ථක නායකයන්ට රැවටිලා ඒගොල්ලො සුපිරියටම රට හදයි කියලා හිතාගෙන ඊට කලින් අපි මේ රට ලස්සන කරන්න ඕනෙ කියලා තීන්ත බාල්දි පින්සල් අරන් දවස් ගනන් එකදිගටම නිදිමරාගෙන රටපුරාම තාප්ප වළ චිත්‍ර ඇඳලා රට ලස්සන කරන්න දායකවුනු මේ රටේ තරුණ පරපුරවත් දැන්වත් තෙරුම්ගන්නවා නම් ඒක මේ රටේ අනාගතයට කරන හොඳම ආයෝජනය වනු ඇත.

– ඉඳුනිල් පෙරේරා

Leave A Reply

Your email address will not be published.

twelve + fourteen =