කෞතුකාගාර නඩුව අත්හිටුවන ලෙස ගෝඨා ඉදිරිපත් කළ පෙත්සම අධිකරණයේදී විසි වෙයි

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති බවට මුදල් විශුද්ධීකරණ පනත යටතේ තමන්  ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසේන  ගෝඨාභය රාජපක්ෂ  ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම  අද (11දා) විභාගයට ගත්තේය. එහිදී විනිසුරු මඬුල්ලේ වැඩි ඡන්දයෙන් අභියාචනය ප්‍රතික්ෂේප විය.

මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාවක් ලැබෙයි.

සබැඳි පුවත් – කෞතුකාගාර නඩුවෙන් ගෝඨා හිර වෙන ලකුණු

Leave A Reply

Your email address will not be published.

10 − 10 =