“තමන්ගෙ නාමයෝජනා පත්‍රය අත්සන් කළ කෙනා නොදන්නා ගම්මන්පිල මෝඩයෙක් ” – සරත් ෆොන්සේකා

“සාගර කාරියවසම් කියන ප්‍රාණියාව තමන් දන්නේ මේ ඊයේ පෙරේදා කියල උදය ගම්මන්පිල ඇමතිවරයා කියනවා,  පහුගිය මැතිවරණයේදී තමන්ගෙ නාමයෝජනා පත්‍රයට අත්සන් කළ ලේකම්වරයාව නොදන්නා මෝඩයෙක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ගම්මන්පිල අමාත්‍යවරයා තෙල් මිල වැඩිකිරීම සනාත කරන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, සාගර කාරියවසම් කියන ප්‍රාණියාව තමන් දන්නේ මේ ඊයේ පෙරේදා බවත් ඊට පෙර එහෙම කෙනෙක් ගැන දන්නෙ නැති බවටකළ ප්‍රකාශය පදනම් කොටගෙනයි මන්ත්‍රී ෆොන්සේකා මෙම අදහස පළ කළේය.

ගම්මන්පිලලා හා කාරියවසම්ලා ඔය දෙගොල්ලො කල්ලි දෙකක් නෙමෙයි එකක් බවද සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

11 + fourteen =