පිටි රු 3.50 කින්, පාන් හැර බේකරි නිෂ්පාදනවල ඉහළට, ගෑස් රු. 400 කින් වත් වැඩි කරන්න ඉල්ලයි!

ප්‍රිමා සමාගම පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී තිබෙන අතර ඒ සමඟ පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ බේකරි හිමියන් විසින් අදාළ මිල ඉහළ දැමීම සිදුකර ඇති බවයි.

මේ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

මීට අමතරව බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පිටි හැර අනෙකුත් පිටි වර්ගවල මිල ද ඉහළ දමා ඇති බව එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද වැඩි කරනු ලැබුහ

මේ අතර ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී තිබේ.

ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති කමිටුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

three × 5 =