සංගාගේ වාර්තා ඇතුලේ තවත් වාර්තා

සංගා පිට පිටම එක්දින ශතක 4 ක් රැස් කරගෙන තිබෙන බව අපි හැමෝම දන්නවා. ඒත් එම වාර්තාව ඇතුලේ තවත් අපූරු වාර්තාවක් තිබෙන බව හුගක් අය දන්නේ නැතුව නැති.
ඔවු, සංගා පිට පිටම එක්දින ශතක 4 ලබාගත්තේ 2015 එක්දින ලෝක කුසලානයේදීය. එම ශතක 4 න් තුනක්ම සංගා රැස් කරනු ලැබුවෙ ඔස්ට්‍රේලියාවෙදී වන අතර එක් ශතකයක් නවසීලන්තයේ දී ලබාගත්තා.
ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළදී පිට පිටම එක්දින ශතක ත්‍රිත්වයක් ලබාගත් ලොව එකම ක්‍රීඩකයා වන්නේ සංගා ය. එය සුවිශේෂී වාර්තාවකි. සංගා හැරැනු කොට කිසිම පිතිකරුවෙකු ඔස්ට්‍රේලියාව තුළදී පිට පිටම එක්දින ශතක 3 ක් රැස් කරගෙන නැහැ.
සංගා මෙම ශතක ත්‍රිත්වය ලබාගත්තේ බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහිවයි. ඒ Melbourne, Sydney සහ Hobart ක්‍රීඩාංගන වලදීය.
– ප්‍රියදර්ශන ඇම්බ්‍රෝස්(fb)

Leave A Reply

Your email address will not be published.

2 × 5 =