”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

පසුගියදා මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද(14) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

නැව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව වගකීම් පැහැර හැරිම සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වන විට කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවැසීය.

එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට, ප‍්‍රධාන ඉංජිනේරුවරයාට සහ සහායක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 01 දා තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

එදින කපිතාන්වරයාගෙන් පැය 14 ක්, ප‍්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13 ක් සහ නියෝජ්‍ය ප‍්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12 ක් වශයෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.

2 × two =