නිරෝධායන නීති කඩමින් සරත් වීරසේකර තවත් පොලිසියක් අරී !

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් තවත් පොලිස් ස්ථානයක් විවෘත කර තිබේ.
ඒ කොළඹ උතුර පොලිස් කොට්ඨාශයට අයත් මෝදර පොලිස් බලප්‍රදේශය තුළ පිහිටුවන ලද මිහිජයසෙවන නව පොලිස් ස්ථානයයි.
එම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රදේශයේ සුලබ මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම හා පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පොලිසිය විසින් ජනතාවට සිදු කරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම පොලිස් ස්ථානය ස්ථාපිත කළ බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සියලුම ආකාරයේ විවෘත කිරීම් ඇතුළු උත්සව තහනම් කර තිබේ.
මීට පෙරද විවෘත කිරීම් තහනම් කර තිබෙන තත්ත්වයක් තුළ කැස්බෑව නව පොලිස් ස්ථානය විවෘත කිරීමද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Leave A Reply

Your email address will not be published.

ten − 1 =