“තෙල් මිල වැඩි කළේ ජනාධිපති, අගමැතිය කැමැත්ත ඇතුව, ඉල්ලා අස්විය යුත්තේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්”

- උදය ගම්මන්පිල

තමා සිදුකළේ ජනාධිපති, අගමැති ඇතුළු සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඊයේ තමාට එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් සිය පක්‍ෂයේ ලිපි ශීර්ෂයක් පාවිච්චි කරමින් චෝදනා කළේය.
මෙම මාධ්‍ය හමුවේදී ගම්මන්පිල ඇමතිවරයා පැවසුවේ සාගර කාරියවසම් මහතා පහර දෙන්නේ තමාට නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ පළමු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාගේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් අගමැතිවරයාටත් බවයි.

මේ අනුව ඉල්ලා අස්විය යුත්තේ තමන් ද සාගර කාරියවසම් ද යන්න මේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇති බවද අමාත්‍ය උදය ගම්මන්පිල පෙන්වා දෙයි.

මෙම තීන්දුව ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහභාගී වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුරුන්දැයි නම් කරන ලෙස තමා සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බවද ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.

sixteen − twelve =