බගවන්තලාවේ වතුයායක ග්‍රාමසේවා වසමකින් කොටසක් හුදෙකලා කරයි

බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

මෙම වත්තේ අසාදිතයන් 28 දෙනෙකු හමු වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් වීම නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා මෙම කොටස හුදකලා කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

හුදකලා කර ඇති මෙම කොටසේ පවුල් 114 කට අයත් පුද්ගලයන් 374 දෙනෙකු සිටියි.

බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කිරිමත් සමග එම වතු යායට බගවන්තලාව පොලිසිය දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

Leave A Reply

Your email address will not be published.

5 − one =