“රාජපක්‍ෂවරු බලයට ආවේ මිල සූත්‍රය ජෝක් කරලා”

- සුනිල් හඳුන්නෙත්ති

රාජපක්‍ෂවරු බලයට ආවේ මිල සූත්‍රය ජෝක් කරලා බවත් මිල සූත්‍රය ක්‍රියාවට නැගුවා නම් තෙල් මිල අඩුවෙනකොට අපේ රටෙත් අඩු වෙලා වැඩි වෙනකොට වැඩි වෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
සුනිල් හඳුන්නෙත්ති මෙම අදහස් පළකළේ එම පක්ෂ මූලස්ථානයේදී අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

“මිල සූත්‍රය ජෝක් කරලා රාජපක්‍ෂවරු බලයට ආවේ. මිල සූත්‍රය ක්‍රියාවට නැගුවා නම් තෙල් මිල අඩුවෙනකොට අපේ රටෙත් අඩු වෙලා වැඩි වෙනකොට වැඩි වෙනවා. නමුත් රාජපක්‍ෂවරු බලයට ආවට පස්සේ මිල සූත්‍රය පැත්තකට දාලා ලෝක වෙළඳපොළේ තෙල් මිල හොඳටම අඩු වෙද්දී පරණ මිලටම දුන්නා. තෙල් මිල අඩු කරන්න කියලා අපි බල කරනකොට ආණ්ඩුව කීවේ ඒ මිල සහනය සැමන් සහ පරිප්පුවලින් දෙන බව. ජනතාවට සැමන් පරිප්පු කවපු ආණ්ඩුවක් මේක. ඊට පස්සේ කෝටි 20,000ක අරමුදලක් හදන බව කීවා. ඒ මුදල් යොදවලා තෙල් මිල වැඩිවෙනකොට මිල පාලනය කරන බව කීවා.

නමුත් ආණ්ඩුවේ හැම සූත්‍රයක්ම තියෙන්නේ ජනතාව මත බර පටවන්න. පාඩුව ජනතාවට, ලාභය ඒ ගොල්ලන්ට. ඔය තරම් වර්තමාන ආණ්ඩුවේ සූත්‍රය. මේ ආණ්ඩුව පවතිනකං මේ සූත්‍රය ගෙනයනවා මිස ජනතාවට සහන දෙන්නෑ කියලයි අපි හිතන්නේ. මීට ඉස්සෙල්ලා බස් ගාස්තුව වැඩි කරලා ආණ්ඩුව කීවේ සීමිත මගීන් පිරිසක් ගෙනයන නිසා බස් හිමියන්ට සිදුවන පාඩුව වළක්වාගන්න වැඩි කරනව බව. අන්තිමට වුණේ වෙනදා වගේම පොල් පටවාගෙන යන එක. ආයෙත් බස් ගාස්තුව වැඩි කරන්න ඉක්මනින්ම යෝජනා එනවා. අනිකුත් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙනවා. රට වහලා තියෙද්දී දැන් බඩුමිල අස්ප ගණන්වලට ගිහිල්ලා. සංචරණ සීමා පොඩි මිනිස්සුන්ට දාලා පාරට බහින්න විදිහක් නැහැ.”m

Leave A Reply

Your email address will not be published.

nineteen + 3 =