“ගම්මන්පිල ඉල්ලා අස්විය යුතුයි”- පොහොට්ටුවේ ලේකම්

රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දමමින් තවදුරටත් ජනතාව අසීරුතාවට පත්වන තීන්දුවක් ගැනීම හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා එයට සෘජුව වගකීම විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පවසා තිබේ.

තෙල් මිල ඉහල දමමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ(11) පැවසුවේ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීමට අනුමැතිය දුන් බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවේදනය

Leave A Reply

Your email address will not be published.

12 + 2 =