අංගොඩ මානසික රෝහලේ රෝගීන් 14කට කොරෝනා ආසාදිතයි

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික ප‍්‍රතිකාර ලබන රෝගීන් 14 දෙනකුට කොවිඞ් 19 ආසාදනය ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර මෙම රෝහලේ රෝගියකු කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම මියගිය රෝගියා ඉකුත් 04 වැනිදා නාවලපිටිය රෝහලෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත මාරුකර එවා ඇත්තේ බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මීට පෙරද අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියකු මිය ගොස් තිබේ. මේ ආනුව මෙම රෝහලේ මිය ගිය දෙවැනි කොරෝනා රෝගියා මෙය වෙයි.

Leave A Reply

Your email address will not be published.

1 × 3 =