මළගෙදර ආ හිමිනමකට කොවිඩ් ?

පොලිස්පතිතුමනි, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමනි,
බොරැල්ලේ මල්ශාලාවක අවසන් ගෞරව සඳහා තැන්පත් කර තබූ බව කියන මෙම දේහය එහි සිට රත්නපුර කොලොන්න පොලිස් වසමේ ඉත්තෑකන්ද ගමට රිය පෙරහරකින් අරගෙන ගියැයි ඊයේ චෝදනා එල්ල විය. ඒ ගැන විමසා බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාට ප්‍රශ්න කිහිපයක් ෆේස්බුක් ඔස්සේ යොමු කළද පිළිතුරු නොලැබිණි. දුරකතක ඇමතුමක් ගන්නා ලෙස ඒ මහතා කමෙන්ට් කර තිබුණත් දුරකතන ඇමතුම් රැසක් ගත්තද ප්‍රතිචාරයක් නොදැක්වීය.
මේ මරණය රූපවාහිනීවල වොයිස්කට් දෙන ඉත්තෑකන්ද සද්ධාතිස්ස නම් හිමියන්ගේ මෑණියන්ගේ බවට මාධ්‍ය වාර්තා කළේය.
මෙම මරණයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි මාගල්කන්දේ සුදත්ත නම් හිමියන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි ඊයේ ජනමාධ්‍ය වාර්තා කළේය.

1) ‘නීතිය’ ක්‍රියාත්මක කරන්නේ අපි වන් ‘පොඩි’ මිනිසුන්ට පමණද?

2) ප්‍රභූන් එන ස්ථානවලට නීතියෙන් ගැටලුවක් නැද්ද?

3) නිරෝධායනය කරවන්නට නම් සාමාන්‍ය මිනිසුන් හෝ පියුමි හංසමාලි විය යුතුද?

4) මරණයකට විශාල පිරිසක් ගෙන්වීමට හෝ රිය පෙරහරකින් පළාත් දෙකකට යෑමට අවසර ඇත්තේ තොණ්ඩමන් පවුලට, පුත්තලම නගරාධිපති සහ මෙම හිමියන්ගේ මැණියන් වැනි දේශපාලනයට සම්බන්ධ පවුල්වල අයගේ මරණ ගෙවල්වලට පමණක්ද?

5) මෙවැනි පිරිසට නැති නීතිය සාමාන්‍ය මිනිසුන්ට ක්‍රියාත්මක කරන්නේ ඇයි?

6) මෙවැනි මරණ ගෙවල්වල⁣ට කැමති තරම් පිරිසකට පැමිණීමට දෙන අවස්ථාව සාමාන්‍ය ජනතාවට නොදෙන්නේ ඇයි?

7) සාමාන්‍ය ජනතාව මෙවැනි ආකාරයට කටයුතු කළොත් අත්අඩංගුවට ගන්නේ ඇයි?
මෙවැනි පිරිස්වලට දෙන වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලබා නොදෙන්නේ ඇයි?

(මගේ අදහස – මෙවැනි පිරිසට නීතිය ක්‍රියාත්මක නොකෙරුවාට කිසිම ගැටලුවක් නැත. කළ යුතු එකම දේ ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකරනවා නම් සාමාන්‍ය ජනතාවටද නීතිය ක්‍රියාත්මක නොකිරීමය. ඔවුන් සහ මහජනතාවට බෙදිය යුත්තේ එකම හැන්දෙනි.)
– තරිඳු ඉරංග (fb)

Leave A Reply

Your email address will not be published.

2 × two =