“ආණ්ඩුව තමන්ට දුවන්න ගේන වාහන වලින් තමන්ම කොමිස් ගහනවා”

- අනුර දිසානායක

ආන්⁣දෝලනයකට තුඩු දී ඇති වාහන ⁣තොගයක් ආනයනය කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය පිටුපස බරපතල ගනයේ වංචාවක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කරුණු අනුව පැහැදිලි කළේය.
අද (11) දහවල් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මෙම අදහස් දක්වන ලදී.

“තමන්ට දුවන්න ගේන වාහන වලින් තමන්ම කොමිස් ගහනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව LC (ණයවර ලිපි) ඕපන් කළේ කවුද?.

LC (ණයවර ලිපි) ඕපන් කළේ අප්‍රියල් 22 නමුත් මේ සඳහා අගමැතිවරයා කැබිනට් අනුමැතිය ගන්නෙ මැයි 18 මේක ඩීල් එකක්.

ඔබ විසින් පත්කරලා යවපු මන්ත්‍රීවරයාට මෙවැනි ලක්‍ෂ 500 වාහනයකින් ගමට එන්න දෙන්න එපා.

මෙවැනි වසංගතයකින් පිඩා විදින වෙලාවක එය නොතේරෙන මන්ත්‍රීවරයෙකුගේ පස්ස පැත්ත තියාගෙන යන්න මෙවැනි මුදලක වාහනයක් මොකටද ?

මේ වාහන ගෙන්වන්න යන මුදලින් රටේ ජනතාවගෙන් මිලියන ගණනකට එන්නත දෙන්න පුළුවන්.

පොර්ට් සිටි පනත සම්මත කරගන්න කප්පන් වශයෙන් තමයි මේ මන්ත්‍රී වාහන ගේන්නෙ.

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස්වෙන්නේ සදුදා නමුත් මේ වාහන ගෙන්වීමට කැබිනට් මණ්ඩලය රැස්වෙන්නේ අඟහරුවාදා.
ආණ්ඩුවට අවශ්‍යනම් LC (ණයවර ලිපි) කාලය ඉකුත්වීමට ඉඩ හැර හෝ මෙම වාහන ගෙන්වීම නතර කරන්න.

එසේත් නැත් නම් එම වාහන ගේන්න ඉඩ හැර එම වාහන ප්‍රසිද්ද වෙන්දේසියේ විකුණා (එක වාහනයක් කෝටි 5 ක් වාහන 227 ක් මුදල කෝටි 1135 වෙනවා) ඒ මුදල් කොවිඩ් නිසා අසරණ වූ ජනතාවට දෙන්න එහෙම නැතිනම් රජයේ නය ගෙවන්න.

අපි පක්ෂයක් හැටියට මේ වාහන පාවිච්චි කරන්නෙ නෑ.”

Leave A Reply

Your email address will not be published.

5 × 1 =