එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ජපානය මෙරටට ලබාදීමට පොරොන්දුවූ පුවත ප්‍රතික්ෂේප කරයි

ජපානය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 600,000 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සලකා බලමින් සිටින බවට ඊයේ (10) මාධ්‍ය මගින් පළවූ වාර්තා සනාථ කිරීම ජපානය ප්‍රතික්ෂේප කළ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පරිදි ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත් මාත්‍ර 600,000 ක් ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට ජපානය සලකා බලමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය බදාදා(09) ප්‍රකාශ කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ජනාධිපති රාජපක්ෂ මහතා එම ඉල්ලීම ජපාන අගමැති යොෂිහිඩ් සුගා වෙත ඉදිරිපත් කර තිබූ බවයි.

එසේම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා සහ ජනාධිපති රාජපක්ෂ අතර බදාදා පැවති සාකච්ඡාවකදී ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණි.

මේ පිළිබඳව කොළඹ ජපන් තානාපති කාර්යාලයෙන් විමසීමක් කරන ඩේලි මිරර් පුවත්පත ප්‍රකාශ කරන්නේ ජපාන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් දක්වා නොමැති බවයි.

ජපානයේ නිෂ්පාදිත එන්නත් මාත්‍රාව මිලියන 30 ක් පමණ COVAX පහසුකම යටතේ වෙනත් රටවලට සහ ප්‍රදේශවලට වෙන් කර ඇති නමුත් ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වී ඇත්දැයි ප්‍රකාශ කළ නොහැකි බව තානාපති කාර්යායාල ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

ඩේලිමිරර් පුවත්පතෙහි ඊමේල් පණිවුඩයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සිය මූලස්ථානය විමර්ශනයක් සිදු කරන බැවින් රජය සමඟ සන්නිවේදනය හෝ අදහස් ප්‍රකාශ කිරීම සිදු කළ නොහැකි බවයි.

මාධ්‍ය මගින් පසුගිය 09 වනදා මෙම පුවත වාර්තා කර තිබූ අකාරය පහත වේ,

(ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද(09) පෙරවරුවේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.)

Leave A Reply

Your email address will not be published.

sixteen − 12 =