ගස්ලබු තම්බා ආහාරයට ගන්නා අලිවංගුව ගම්මානයේ ජනතාව

ගල්නෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලිවංගුව ගම්මානයේ පවුල් හතලිස් නවයක පමණ ගම්වාසීන් උග්ර ආහාර හිඟයකින් පෙළෙන වාර්තාවේ. එම ජනතාව වෙනුවෙන් රජයේ බලධාරීන් කිසිදු සහන වැඩ වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා ඔවුන් දිනකට එක වේලක් හෝ ආහාර ගැනීම්ට නොහැකිව ගස්ලබු තම්බා ආහාරයට ගන්නා බවද අනාවරණයවේ.
කොවිඩ් වෛරස ව්යාප්තිය නිසා සංචාරණ සීමා පනවා ඇති නිසා එම ජනතාවට ආහාරයක් සොයා සොයා ගැනීමට නොහැකි වී තිබේ. එමෙන්ම ගම්මානයේ කාන්තාවක් මෙම වසංගත රෝගයට ගොදුරු වීමත් සමග ගම්මම්මානයේ ජනතාවට කිසිදු ප්රදේශ්යකට ගමන් කිරීම්ට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එම ජනතාව පවසති.
කෙසේ වෙතත් කුසගින්න දරා දරා ගැනීමට නොහැකි ගම්වාසීන් පවසන්නේ කුඩා දරුවන්ට පවා ආහාර නොමැතිව තමන් අසීරුතාවයකට පත්ව සිටින බවයි.
-කාංචන කුමාර ආරියදාස
Leave A Reply

Your email address will not be published.

one + nineteen =