ඇන්ටිජන් පරීක්ෂනයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් අසාදිතයෙක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහුට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවක දී තහවුරු වී තිබේ.

මන්ත්‍රී කාදර් මස්තාන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති රැස්වීමක් සඳහා සහභාගිවීමට ගිය අවස්ථාවේ ඔහුගේ ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබේ.
ඇන්ටිජන් පරීක්ෂනයෙන් පසුව මේ වන විට මන්ත්‍රීවරයා පීසීආර් පරීක්ෂණයක් සඳහා ද යොමුවී ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.

four × 1 =