බ්‍රිතාන්‍ය ප්‍රභේදය B117 (ඇල්ෆා) ප්‍රදේශ රැසකින් හමුවේ

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ප්‍රභේදය ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී තිබෙන අතර ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ප්‍රභේදය ආසාදනය වු අයෙක් ද සොයාගෙන තිබේ.

ලබාගත් ජෛව සාම්පල අනුව B117 (ඇල්ෆා) ප්‍රභේදය ආසාදනය වුවන් මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමූ වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ අතර ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවු බව ද වෛද්‍ය චන්දිම ජීවන්දර කියා සිටියේය.

එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව ද වාර්තා වී තිබේ.

මේ අතර මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයන වාර්තාව අද (10) උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.

nine + 19 =