“බස්නාහිර පළාතෙන් සිය ගණනක් දකුණේ ගාල්ලට ගියේ කොහොමද?” – GMOA

එන්නත බස්නාහිර පළාතේ අය විදගත්තේ කොහොමද කියල හොයනවා වගේම බස්නාහිර පළාතෙන් වාහන සිය ගානක් දකුණු පළාතේ ගාල්ලට ගියේ කොහොමද? කියල සෙවියයුතු අතර රටේ සංචාරණ සීමාක්‍රියාත්මක වෙන්නෑ කියන්ඩ ඒකම කාරණයක් වෙනවා යැයි ඊයේ (09) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙලෙස පැවසුවේය.
“මේ පිළිබඳව වෛද්‍යවරුන් වගකිවයුතුයි ද කියලා හොයනවා වගේම, ගාල්ලේ කොහොමද එන්නත් වැඩිපුර තියෙන්නේ. බස්නාහිර පළාතෙන් වාහන සිය ගානක් දකුණු පළාතට ගියේ කොහොමද?. මේ රටේ සංචාරණ සීමාක්‍රියාත්මක වෙන්නෑ කියන්ඩ ඒකම කාරණයක් වෙනවා. මේකෙ කොයි අයද වැරැද්ද කළේ. මොන පදනමින් ද ගාල්ලට එච්චර එන්නත් යැව්වෙ මේ පිළිබදවත් ඔයා බැලිය යුතුයි”

ගාල්ලේ මෙම සිදු වූ අයථා එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

Leave A Reply

Your email address will not be published.

one × 5 =