වංචා දූෂණ සම්බන්ධයෙන් අගමැති රනිල්ටත් සිතාසි

රාජ්‍ය ආයතනවල සිදුව ඇති දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ වෙත සිතාසි නිකුත් කර ඇත.

එම කොමිසම හමුවේ ලබන 12 වන දින උදේ 9.30ට පෙනී සිටින ලෙස දන්වමින් අගමැතිවරයා හට එම කොමිසම මගින් සිතාසි භාරදී ඇති බව එම කොමිසම සඳහන් කරයි.

ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභාව සඳහා පවරා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යාම සම්බධයෙන් අගමැතිවරයාගෙන් මෙහිදී සාක්ෂි විමසීමට නියමිත බවද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

1 × 2 =