මෙරටින් තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ඊයේ (08) 54ක්

ඊයේ (08)දිනයේ කොවිඩ් ආසාදිත මරණ 54ක් තහවුරු කිරීමත් සමඟ දිනක් තුළ මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය බවට සටහන් වෙයි.

මෙම මරණ 54 ත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම වාර්තාවේ සටහන් වන පරිදි මරණ සිදුවූ පළාත් මෙසේය.

කටාන, උඩුවෙල, මාවනැල්ල, අරණායක, මාළිගාවත්ත, එරාවූර් 02, මොරටුව, අළුබෝමුල්ල, වාද්දූව, වළස්මුල්ල, කොළවැනිගම, කොළඹ -15, ජාඇල, වත්තල, බත්ගම්මුල්ල, තලාතුඔය, බදුල්ල, කිලිනොච්චිය, නිකවැරටිය, මරදන්කඩවල, මැදවච්චිය, අතුරුගිරිය, ඇල්පිටිය, කරන්දෙණිය, පෙරියනීලාවනයි, අකුරණ, උඩිස්පත්තුව, ලුණුවත්ත, තෝරපිටිය, මහියංගනය, රාගම, කොළඹ-13, අවිස්සාවේල්ල, වතුපිටිවල, පන්නිපිටිය, වග සහ මාරවිල යන ප්‍රදේශවලින් කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

4 × five =