නූතන පරපුර හා විවාහය

නූතනයේ බොහොමයක් තරුණ, තරුණියෝ ප්‍රේමයෙන් බැඳී නොව ඉන් මුසපත්ව විවාහ දිවියට ප්‍රවේශ වන්නන් වෙති. එහෙත්, ඉන් අතළොස්සක් දෙනා පමණක් කෙසේ හෝ දිවිය ගැටගසාගෙන පවුල් දිවිය ගෙවා දමති. එහිදු හිතකර වන තෘප්තියක් රඳාපවත්නේ දැයි කිව නොහැකි තරමට අවුල් වියවුල් මැද්දේ ය.

මා මේ සුළු කාලයට ලද අත්දැකීම්වල පවත්නා යථාර්ථය මෙසේ අකුරු කරන්නට සිතූයේ මා ගුරුවරයකුව සිප්සතර කියා දුන් පසුව විවාහප්‍රාප්ත වූවන්ගේ ජීවිතවල ඇති සැබෑව දන්නා නිසා ය. එබඳු ජීවිත බොහොමයක් මේ වන විට එක ම වහළක් යට දිවි ගෙවනවා වෙනුවට වෙන වෙන ම දිවි ගෙවති. ඇතැමෙක් පළමු විවාහයෙන් වෙන්ව දෙවැනි විවාහයට ද, තවෙකෙක් තෙවන විවාහයට ද එළැඹ සිටිති. මෙය මා ජීවත් වන කුඩා ග්‍රාමයේ සිට අත්විඳින එහෙත්, සමස්ත ශ්‍රී ලාංකීය පරපුර ම අත්විඳින ඛේදනීය තත්ත්වයකි.

තුරුණු වියේ පසුවන දරුවන් මෙන් ම නවයොවුන් වියේ පසුවන දරුවන් ද තම ජීවිත තක්සලාව බවට පත් කොටගෙන ඇත්තේ, ජංගම දුරකථනය, මුහුණු පොත හෝ රූපවාහිනියයි. මෙහි දී මුහුණු පොත හරහා ගොඩනඟා ගන්නා ලද ඇතැම් ව්‍යාජත්වය සපිරි ප්‍රේම සබඳතා කෙළවර වන්නේ විවාහයෙන් වුව ද, එහි සැබෑ නිමාව අත්විඳිනුයේ දික්කසාදයෙනි.

මේ සඳහා හේතුපාදක වන්නා වූ කරුණු කාරණා බොහොමයකැයි මට සිතේ. විශේෂයෙන් ම තුරුණු වියේ පසුවන දරුවන් මෙන් ම නවයොවුන් වියේ පසුවන දරුවන් ද තම ජීවිත තක්සලාව බවට පත් කොටගෙන ඇත්තේ, ජංගම දුරකථනය, මුහුණු පොත හෝ රූපවාහිනියයි. මෙහි දී මුහුණු පොත හරහා ගොඩනඟා ගන්නා ලද ඇතැම් ව්‍යාජත්වය සපිරි ප්‍රේම සබඳතා කෙළවර වන්නේ විවාහයෙන් වුව ද, එහි සැබෑ නිමාව අත්විඳිනුයේ දික්කසාදයෙනි. මේ සඳහා අරුමැසි ගණයේ ටෙලි වෘතාන්ත ද මනා පිටුබලයක් සපයනු පෙනේ. මෙකී නාට්‍ය තුළින් දානය කරනු ලබන හරසුන් පවුල් ජීවිතවල කිමිදෙන නූතන දරු පරපුර එබඳු විවාහ අපේක්‍ෂාවෙන් පසුවෙත්. එහෙත්, සැබෑ ලොව එවන් දිවියන් නොමැති බව තේරුම් යන විට සියල්ල සිදු වී හමාර ය.

ගතානුගතික පවුලට ගැරහුව ද, එහි දක්නට ඇති සාමකාමී බව හා යථාරූපී ස්වභාවය සැබැවින් ම නූතනත්වය විසින් ගනු ලැබූයේ නම්, අද උසාවි ගාණේ දරු පැටවුන් සමඟ ළත වීමට සිදු නොවනු ඇත. එබැවින්, පෙනෙන ලොව තුළ නොව පවුල් ජීවිතය ඇත්තේ, අවබෝධිත ජීවිතය තුළ ම බැව් සිතා කටයුතු කළ යුතු වන්නේ ය.

නිමල් බී. උඩුකුඹුර
Leave A Reply

Your email address will not be published.

16 − 11 =