හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම

එළඹෙන ජූනි 23 වනදා ආරම්භ වන එංගලන්ත සංචාරය සඳහා නම් කළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය අනුමැතිය ලබා දී තිබේ.

ක්‍රීඩකයින් 24ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.

සංචිතය මෙසේය.

කුසල් ජනිත් පෙරේරා – නායක
කුසල් මෙන්ඩිස්
ධනුෂ්ක ගුණතිලක
අවිශ්ක ප්‍රනාන්දු

වනිදු හසරංග
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
ධනංජය ලක්ෂාන්
ඉෂාන් ජයරත්න

පැතුම් නිශ්ශංක
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
ඕෂධ ප්‍රනාන්දු
චරිත අසලන්ක
දසුන් ශානක

දුෂ්මන්ත චමීර
ඉසුරු උදාන
අසිත ප්‍රනාන්දු
නුවන් ප්‍රදීප්
බිනුර ප්‍රනාන්දු
ශිරාන් ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
ප්‍රවීන් ජයවික්‍රම

එක්දින සහ 20/20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් ජනිත් ව නම්කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20/20 තරඟ 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් පැවැත්වේ.

පළමු 20/20 තරඟය ජූනි 23 වනදා කාඩිෆ් හි පැවැත්වේ.

 

Leave A Reply

Your email address will not be published.

four + 14 =