අද ලෝක “සාගර” දිනයයි – මිනිසාට කිසිමදාක කියවා තේරුම්ගත නොහැකි අභිරහස්ම සම්පත “මහා සාගරයයි”

සොබාදහම විසින් මිනිසාට දායාදය කර ඇති සම්පත් අති මහත්ය. දැවැන්ත වැසි වනාන්තර, කුඩාම ජීවීන්ගේ සිට දැවැන්තම සතා සිවුපාවුන් දකවා, අයිස් කඳු, ගිනිකඳු, සහරා කාන්තාර දක්වා සොබාදහමේ නිර්මාණයන්ය. සොබාදහමේ අසිරිමත්ම හා මිනිසාට කිසිමදාක කියවා තේරුම්ගත නොහැකි අභිරහස්ම සොබාදහමේ සම්පත “මහා සාගරයයි” මේ පෘතුවිය වැඩි කොටසක්ම ආවරණය වී ඇත්තේ සාගර ජලයෙනි. සාගරය ගැන අධ්‍යනය කරන්නට වෙනමම සාගරවේදය OCEANOGRAPHY කියා විෂයක් ඇති අතර, සාගරයේ එහි ඇති යතා ස්වභාවය ගැන තවමත් නිශ්චිතවම නිගමනයකට ඇවිත් නැත්තේ සාගරයේ ඇති දැවැන්තම සංකීර්ණත්වය නිසාය. සාගරයෙන් මිනිසාට ජීවත්වීමට ලබාදෙන සම්පත් ප්‍රමාණය ගැන ලෝකයේම සංසරණය වෙන මුදල් ප්‍රමාණයට වඩා අති විශාලයි වගේම, ලෝකයේ වෙසෙන මිනිසා ඇතුළුව සියළුම ජීවීන්ට ලබාදෙන ඔක්සිජන් ප්‍රමාණය නැතිනම්, මේ වනවිටත් සියළුම ජීවීන් මේ ලෝකයෙන් අතුරුදහන් වෙලා බොහෝ කල්ය. මෙතරම් සම්පත්වලින් ගහන සාගරයට මිනිසා විසින් කරමින් ඉන්න විනාශයට දවසක සොබාදහම විසින්ම මෙයට ලබාදෙන නිසි දඬුවම ඉතාමත්ම ළඟය. සාගරයේ තිබෙන අසිරිමත් බව මිනිසුන්ට සුළු හරි දැනුමක්‌ තියනවා නම්, කිසිම මිනිසෙක් සාගරයට ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය මුදාහරින්නට පෙර දෙවරක් නොව දසදහස් වාරයක් සිතනු ඇත. ඔබ සොබාදහමට ආදරය කරන විට, සොබාදහම ඔබට පෙරළා එයටත් වඩා කෘතගුණ සලකනවා වගේම, ඔබ සොබාදහමට වින කරන විට, එහි ප්‍රතිපලය ද අති භයානක බව සිතට ගන්න.
– සාලිය ඉඳුරුවිතාන

Leave A Reply

Your email address will not be published.

3 × 5 =