“ගම්පහ ගංවතුරට හේතුව දේවානි!” – ඇමැති ලන්සා

පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ ඇති කළගුණය හේතුවෙන් ගම්පහ නගරය ඇතුළු වෙනත් කාළ වලදී යට නොවන ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ගියේය.

මෙම ජලයෙන් පිඩාවට පත් ප්‍රදේශයන්හි ජනතාව චෝදනා කරන්නේ ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය නිසා මෙලෙස ගංවතුර තත්වයක් ඇතිව තිබෙන බවයි.

ජනතාවගේ මෙම චෝදනාවට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පෙන්වා දෙන්නේ අධිවේගී මාර්ග ඉදිකළ කිසිම ස්ථානයක ගංවතුර ගැටළු ඇතිවී නොමැති බවයි.

පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ සමාරම්භක වැඩසටහනට අද එක්වෙමින් අමාත්‍ය නිමල් ලන්සා වැඩි දුරටත් පැවසුවේ.

”මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීම ගැන මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. නමුත් කියන්න ඕන මේ අධිවේගී මාර්ග සෑදු කිසිම ස්ථානයක ගංවතුර ගැටළු ඇතිවෙලා නැහැ. නමුත් එක්තරා නෝනා කෙනෙක් ඇවිත් බාධා නොවන්න මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ඇල මාර්ග පිළිසකර කරලා, සංවර්ධනය කරලා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සිදුකරන්න තිබ්බා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අධිවේගී මාර්ගය කුළුණු මතින් ගෙන යන වැඩපිළිවෙළක් තිබ්බේ. දැන් අපිට ඒ ගැටලුව ගැන බලන්න සිද්ධ වෙලා තියෙනවා” යැයි අමාත්‍ය නිමල් ලන්සා පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.

4 − 2 =