එළියට යන්න බැරිනම් ඇතුළට යන්න – If you can’t go outside just go inside…

හැමෝම දන්න පාරක වෙනස් ගමනක් යන්න උත්සාහ කරන්න හොඳම වෙලාව මේකයි. කොරෝනාව වුණත්, ජීවිතයට ආශීර්වාදයක් කර ගන්න. ඔබත් Lockdown ද? එළියට යන්න බැරි ද? හැබැයි අපිට තාමත් ඇතුළට යන්න පුළුවන්. ඒ කොහොම ද? ලෝකයේ මෙතෙක් ඔබ නොදුටු දේවල් හදාරන්න, ඔබේ මනස තුළට ගමන් කරන්න හොඳම වෙලාව මේක. මේ සොබාදහමේ අපූරු තෑග්ගකි. උද්දච්ච, කුක්කුච්ච, නීවරණ නැති නිස්කලංක පරිසරයක් සොබාදහම ඔබට නැවත කිසිදා නොදෙනු ඇත. මේ ඔබගේ අවසන් අවස්ථාව ද විය හැකිය.

සක්වළ වෙසෙන පෙනෙන, නොපෙනෙන සියලු සත්වයන්ට නොදෙවැනි මනසක් මිනිසාට පවතී. මඩ තැවරුණු මැණිකක් කපා ඔප දමා පිරිසිදු කළ පසු බබළන්නාක් සේ දැනුමෙන් ඔබේ ජීවිතය පුබුදු කර ගැනීම කළ යුතු ය. මේ ලොව මිනිස් සිතට කළ නොහැක්කක් නැති වග නැවත නැවත කතාබහට ලක් වන්නේ එම නිසා ය.

මේ වන විට ලෝකයේත්, අප රටෙහිත් සෑම තැනම සිදු වුණු දේවල් එක්ක අපි ගන්න එක තීරණයක් මත අපේ මුළු අනාගතයම තීරණය වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ අඳුරු තැන් අයින් කරන්න සුදුසුම මොහොත එළැඹිලා. ජීවිතේ වෙනස් කර ගන්නට සෞභාග්‍යයේ ප්‍රතිඥාව දෙන්න. කරපින්නා ගත් මිථ්‍යා දෘෂ්ටියක් බිමට හෙළන තෙක් සිත යොදවා ගත හැක්කේ සීමිත වූ ජයග්‍රහණයන් තුළට පමණ ය. මකුළු දැල් කඩා පිරිසිදු කර ගත් මනස කොතරම් දියුණු ආයුධයක් ද? යන්න උත්සාහයක් දරන්නාට පැහැදිලිව වටහා ගත හැකි වෙයි. පිළිවෙත ගැඹුරුයි, එසේම සරලයි. ලෙඩ ගැන සිතමින් බය වෙන්නේ නැතුව ගෙදර ඉඳන් හිත සවිමත් කර ගන්න. මන්ද යත්, විශ්වය අඳුරන්නෙ අපේ භාෂාව නොවේ, අපේ හැඟීම් ය. ඒ නිසා මුළු ලෝකයම වෙනස් කරන සිතුවිල්ල මනසේ හදමු !!! මේ ඒ සඳහා හොඳම වෙලාවයි.

ශෂි වීරවර්ධන
Leave A Reply

Your email address will not be published.

four + 2 =