ආපදා හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා නිසා මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුද්ගලයින් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටියි.

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88 කට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 67,‍000කට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 271,110 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටියි.

Leave A Reply

Your email address will not be published.

19 − 13 =