වෛරසයේ පණිවුඩය දුටුවාද?

කොවිඩ් වෛරසය විසින් අද ලොව බොහෝ රටවල් සිය අණසකට ගෙන තිබේ. ඇසට නොපෙනෙන කුඩා වෛරසයකට මෙතරම් බලපෑමක්, මෙතරම් විනාශයක් කළ හැකිවූයේ කෙසේද? ඒ තුළ වත්මන් මිනිස් සමාජයේ කිසියම් විශාල දුබලතාවක් හෙළිදරව් වනවා නොවේද? මෙම වෛරසය බෝවන්නේ මිනිසාගෙන් මිනිසා වෙත වන අතර ශ්වසන මාර්ග පද්ධතිය එහි ගමන් මාර්ගයයි. එසේම කිසියම් බරකින්ද යුක්තය.  ඒ නිසා සමාජ දුරස්ථභාවය තබාගැනීමෙන් හා ශ්වසන මාර්ගය ආවරණය කර තබාගැනීමෙන් එය පැතිරීම වැළැක්විය හැකිය. එතරම් සරලව එය පාලනය කළ හැකිව තිබියදී මෙතරම් වේගයෙන් එය පැතිර යන්නේ කෙසේද?

වෛරසයේ ස්වභාවයත්, එහි ක්‍රියාකාරීත්වයත් හඳුනා ගැනීමට මිනිසා සමත් වුවද, එය පැරදවීමට සිදුවිය යුතු සමාජ මැදිහත්වීම සිදුකිරීමට මිනිසා අසමත්ව සිටී. එපමණක් නොව රෝගය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබෙන ප්‍රතිපත්ති හා ප්‍රතිකාර ක්‍රමවේදයන් එලෙස ක්‍රියාවට නැඟීමටද අසමත්ව සිටී.

අද අපේ රටේ කොවිඩ් වෛරසය මැඬීමට තීන්දු තීරණ ගනු ලබන්නේ වසංගත රෝග විශේෂඥයන් හෝ සෞඛ්‍ය අංශ ප්‍රවීණයන් හෝ නොවේ. ඔවුන්ගේ නිර්දේශ හෝ යෝජනා කිසිවක් තඹේකටවත් මායිම් කෙරෙන්නේ නැත. සියලු තීරණ ගන්නේ අත්තනෝමතිකවය. ඒ නිසා ගනු ලබන ක්‍රියාමාර්ගවලට බොහෝ වගකිවයුත්තන් වගකියන්නේ නැත. නියපොත්තෙන් කඩන්නට තිබූ ප්‍රශ්නයක් අද පොරවෙන් කපා පවා නවතා දමන්නට නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ ඒ නිසාය. ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුව තිබෙන්නේ ඒ නිසාය.

අප රටේ මෑත උදාහරණ රැසකින් මේ බව පැහැදිලි කර ගත හැකිය. වෛරසයේ ස්වභාවය හා එය පැතිරීම වැළැක්වීම සම්බන්ධව සමස්ත ජනතාව තුළ අවබෝධය ඇති කිරීමට අසමත්ව තිබේ. ජනතාවගේ රෝග බිය භාවිත කරන්නෝ වැරැදි හා ව්‍යාජ ඖෂධ ජාවාරම්කරුවෝය. වෛරස් අනතුර හොඳින්ම දැන දැනත් ඊට අවශ්‍ය පෙර සූදානම් කටයුතු සිදු කරන්නේ නැත. එසේම අදාළ ප්‍රතිපත්ති නිසි ලෙස පිළිපැදීමට සමස්ත ජනතාවම යොමු කිරීමට අසමත්ව තිබේ. රෝගීන් හඳුනා ගැනීම, ඔවුන් ප්‍රතිකාර සඳහා නිසි කලට වේලාවට යොමු කිරීමේ යාන්ත්‍රණය දුර්වල වී ඇත. රෝගීන් රැකබලා ගැනීමේ යාන්ත්‍රණය ගැටලු ගණනාවකින් යුක්තය. දේශපාලන බලපුළුවන්කාරකම් මත නිරෝධායනය මෙන්ම එන්නත්කරණයද සිදුවෙයි. නිර්දේශ කර තිබෙන එන්නත් මාත්‍රා දෙක වෙනුවට

“එක් මාත්‍රාවකින් සෑහීමකට පත්වෙමි” යනුවෙන් කිසිවක් නොදන්නා ජනතාවගෙන් අත්සන් ලබා ගනු ලැබේ. දෙවන මාත්‍රාව සඳහා එන්නත් ඉතිරි කර නොගැනීම නිසා එන්නත් ලක්ෂ 06ක් නිරපරාදේ නාස්තිවී ගොස් තිබේ. සංඛ්‍යාලේඛන නිසිපරිදි ඉදිරිපත් නොකර වසංගතය සැඟවීමට ව්‍යාජ ප්‍රයත්නයන් හි යෙදෙයි.

අද මිනිසා පරදවා මේ වෛරසය ජයගෙන ඇත්තේ මේ දුබලතා නිසා නොවේද? තනි තනි පුද්ගලයන් ලෙස කටයුතු කර මෙම වෛරසයෙන් බේරීමට නොහැකිය. ඊට මුහුණ දිය යුත්තේ සාමුහිකවය. මේ දුබලතා අවම කර ගත් රටවල් වෛරසයට සාර්ථකව මුහුණදී ඇති බව හොඳින් විමසා බලන්නකුට පැහැදිලි කර ගැනීම අපහසු නැත.

අද අපේ රටේ කොවිඩ් වෛරසය මැඬීමට තීන්දු තීරණ ගනු ලබන්නේ වසංගත රෝග විශේෂඥයන් හෝ සෞඛ්‍ය අංශ ප්‍රවීණයන් හෝ නොවේ. ඔවුන්ගේ නිර්දේශ හෝ යෝජනා කිසිවක් තඹේකටවත් මායිම් කෙරෙන්නේ නැත. සියලු තීරණ ගන්නේ අත්තනෝමතිකවය. ඒ නිසා ගනු ලබන ක්‍රියාමාර්ගවලට බොහෝ වගකිවයුත්තන් වගකියන්නේ නැත. නියපොත්තෙන් කඩන්නට තිබූ ප්‍රශ්නයක් අද පොරවෙන් කපා පවා නවතා දමන්නට නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ ඒ නිසාය. ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුව තිබෙන්නේ ඒ නිසාය.

සැබැවින්ම මෙම ප්‍රශ්නයේ මූලය පවතින්නේ වත්මන් සමාජ රටාවේ පදනම තුළය. මතුපින් ඇති ‘සැමට සමාන නීතිය’, ‘සැමටම හිමි ඡන්ද බලය’, ‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය’, ආදී මෙකී නොකී සංකල්ප පැවැතියත් ඒවා කිසිවක් යථාර්ථයේ එලෙස පවතින්නේ නැත. සමාජ, ආර්ථික පදනම සකස් වී ඇත්තේ ඉතාම සීමිත දෙනකු වෙත සමස්ත සමාජ නිෂ්පාදන ඵලය හිමිවන ධනවාදී ආර්ථික පදනම මතය. සියල්ල සකස් වී ඇත්තේ සූරාකෑම අරමුණු කරගෙනය. මනුෂ්‍යත්වයට හිමි වටිනාකම් ඇත්තේ ධනවාදී ප්‍රමුඛතාවල අන්තිම කෙළවරේය. ඉහත කී සංකල්ප මවා ඇත්තේ මේ කෲර යථාර්ථය සැඟවීමටය. සැබැවින්ම කොරෝනා වෛරසය ඇඟිල්ලෙන් ඇන අපට පෙන්වාදී ඇත්තේ මිනිස් සමාජයේ මේ පවතින දුබලතා නොවන්නේද?

ඒ නිසා ඉහළ සිට පහළ දක්වාම වන සාමුහික සමාජ සංවිධාන ක්‍රමවේදයක් මිනිස් සමාජයට අවශ්‍යය. රටකට අවශ්‍ය ය. ග්‍රාමීය හා නාගරික ලෙසත් ජනතාව සංවිධානය විය යුතුය. වැඩබිම් ලෙස, ආයතන ලෙස, ගොවිබිම් ලෙස, වතු ලෙස, ජනතාව සංවිධානය විය යුතුය. නිවැරැදි හා විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඔස්සේ ඒවා ඉහළ සිට පහළට සම්බන්ධ කළ යුතුය. සුළු පිරිසක් අත ගොනුකරගෙන ඇති බලය මේ සංවිධිත ජනතාව අතට පත්විය යුතුය. සැබැවින්ම ජනතාව වෙත බලය පැවරෙන්නේ එවිටය. සාමුහිකව තීරණ ගැනීමත්, ඒ ගන්නා තීරණ වෙනුවෙන් සමස්ත ජනතාවම වගකියන්නේත් එවිටය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත පාලනයක් කියන්නේ ඒකටය. කොරෝනාවට නොව කිසිදු ජගතකුට එවන් ජනතාවක් පැරදවිය නොහැකිය.

මේවා කරන්න පුළුවන් වැඩදැයි කෙනකුට සිතෙන්නේ නම් අපට කීමට ඇත්තේ ලෝකය දෙසත්, එහි ඉතිහාසය දෙසත් දෙනෙත් හැර හොඳින් බලන ලෙසය●

 

 

Leave A Reply

Your email address will not be published.

15 + four =