“අපේක්ෂාභංගත්වයට පත් නොවී රට ගොඩැනැගීම සඳහා එක්වන්න”

- අනුර දිසානායක

පවතින කොවිඩ් වසංගත තත්වය සහ රටේ නිර්මාණය වී තිබෙන ආර්ථික, දේශපාලනික අර්බුද හමුවේ අපේක්ෂාභංගත්වයට පත් නොවී රට ගොඩැනැගීම සඳහා එක්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට ආරාධනා කරයි.

රටේ සියලුම ක්ෂේත්‍රවල නිර්මාණය වී තිබෙන අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා මූලික ප්‍රවේශයන් තුනකින් ඉදිරි දැක්මක් සහිතව රට මෙහෙයවියයුතු බවද ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

“විසඳුම මොකක්ද?” යන තේමාවෙන් අද (06) සවස අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කරමින් රට ගොඩනැගීම තනි පුද්ගලයෙකුගේ ආශ්චර්යයක් නොව සාමූහික ප්‍රයත්නයක් බවත් ඒ වෙනුවෙන් කැපවීමෙන් විකල්ප ආර්ථික දේශපාලනික වැඩපිළිවෙලකට එකතුවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්කරන රට ගොඩනැගීම සඳහා වූ මූලික ප්‍රවේශයන් තුන නව ආර්ථික උපායමාර්ගයකට රට යොමු කිරීම, සමාජ සාධාරණත්වය සහ අදූෂිත දේශපාලනය බව එහිදී අවධාරණය කෙරිණ.

Leave A Reply

Your email address will not be published.

2 + fourteen =