නිරෝධායන නීති කැඩූ පුද්ගලයකු පොලිස් ජීප් රියෙන් වැටී මියයයි

පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් ඇදවැටී මිය ගොස් තිබේ.

පානදුර උතුර පොලීසිය පවසන්නේ ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මෙම පුද්ගලයා නිරෝධායන නීති කඩකරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී පැන යාමට උත්සහා දරා ඇතැයි පොලිසිය කියයි.

 

Leave A Reply

Your email address will not be published.

ten + 14 =