අදත් ආසාදිතයන් 3,000ක් ඉක්මවයි සමස්ත ගණන ලක්ෂ 02ක ඉක්මවයි…

අද (05) දිනයේ මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයින් 3,094 දෙනෙකු මෙරටින් වාර්තාවීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා තිබේ.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 195,678ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 202,348කි.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 34,560 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 78 වන ස්ථානයේ පසුවේ.

 

Leave A Reply

Your email address will not be published.

fourteen + twenty =