හිජාස්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි බල කරලා !

මදුරංකුලියේ මද්‍රසා පාසලක ගුරුවරුන් දෙදෙනකු බව කියමින් අත්අඩංගුවට ගත් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්කි ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් ඔවුන්ට බලපෑම් කර ඇති බවට එම පෙත්සම් දෙකෙහි සඳහන් වන බවත් ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා පසුගිය 01 දා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශයක් කිරීමට සැකකරුවන් සූදානමින් සිටින බව ද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් මදුරංකුලිය පාසලක ගුරුවරුන් දෙදෙනකු සම්බන්ධ පැමිණිල්ල එදින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම සැකකරුවන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 26 වැනිදා ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ඔවුන් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කිරීමෙන් පසු පසුගිය 31දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

Leave A Reply

Your email address will not be published.

18 − one =