දිනක් තුළ කොවිඩ් මරණ වැඩියෙන්ම තහවුරු කළ දිනය අද (04) මරණ 48ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) දිනයේ දී තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර තිබේ. මෙය මෙරට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද වේ.

අද දිනයට අදාළ කිසිදු කොවිඩ් මරණයක් වාර්තාවී නොමැති අතර අද තහවුරු කළ මරණ සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 11 වනදා සිට ඊයේ (03) දිනය දක්වා බවද වාර්තාවේ සඳහන් වෙයි.

මේ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ 48 අතරින් නිවසේදී 18 දෙනෙකු මියගොස් ඇති අතර එක් අයෙක් රෝහල්ගත කරන අවස්ථාව වන විට මියගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 29 දෙනෙකු මියගොස් තිබේ,

Leave A Reply

Your email address will not be published.

three × 5 =