ගනේමුල්ල OIC ගේ බිරිද ASP පැහැරගෙන ගිහින්

තම බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගනේමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පැමිණිල්ල මගින් ගනේමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිද පැහැරගෙන ගොස් ඇති බවයි.
මෙම සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන නුවර පාරේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර, දළුගම, කැළණිය ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් අදාළ පැමිණිල්ල මගින් ගනේමුල්ල ස්ථානාධිපතිවරයා සඳහන් කර තිබේ.
කිරිබත්ගොඩ පොලීසිය පවසන්නේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි.

Leave A Reply

Your email address will not be published.

1 × two =