PCR අඩුකලත් දිනකට 3000 පනින ආසාදිතයන් ඇයි?

පසුගිය දින දෙකක එනම් ජූනී 2 සහ ඊයේ ජූනි 3 යන දින දෙකේම වාර්තවුනු කෝරෝනා ආසාධිතයන්ගෙ සංක්‍යාව යලිත් 3000හෙ ප්‍රමානය ඉක්මව ඇත.
මෙම දෙකේම ආසාධිතයන් සංඛ්‍යාව 3000 ප්‍රමානය ඉක්මවවා ගොස් ඇත්තේ මීට පෙර සිදුකල දෛනික PCR පරීක්ෂණ ප්‍රමානය පවා අඩුකොට ඇති තත්වයත් තුල වීම නිසා කෝවිඩ් වසංගත තත්වය රටතුල තාමත් පවතින්නේ ඉතාම දරුනු මට්ටමක බව පැහැදිලි වීමට හොඳම නිදසුනකි.
රට පුරාම පනවා ඇති සංචරන සීමා නිසි පරිදි ක්‍රියාත්මක විම වෙනුවට එයත් මේ වන විට තනිකරම විකාරයක් බවට පත්වීමද ඉතාම කණගාටුදායකය.
සමාජයේ එක කොටසක් කොරෝනා මර්ධනය වෙනුවෙන් සියලුම දුක් කම්කටොලු විඳගනිමින් සංචාරන සීමා අකුරට ගරු කරමින් තමුන්ගේ නිවෙස් තුලටවී අසීමිත ලෙස කැපකිරිම් කරද්දි රටේ තවත් අතිවිශාල පිරිසක් වෙනදා මෙන්ම විශාල වශයෙන් එක් රැස්ව සුපුරුදු ලෙස තමුන්ගේ වැඩකටයුතු කරගෙන යන ආකාරයක් දැකිය හැක.
මාහාපරිමාන ඇඟලුම් ආයතන, පුද්ගලික කර්මාන්ත ,ආයතන වැඩබිම් අතිවිශාල ප්‍රමානයක් මේ සංචරන සීමා පැවත්වෙද්දිත් විශේෂ අවසර මත වෙනදා මෙන්ම ක්‍රියාත්මක වෙමින් ඇත.
සංචරන සිමා වලට යටත්ව තමුන්ගේ සියලුම එදිනෙදා කටයුතු නතරකොට නිවෙස් තුලට වි සිටින ජනතාව කරන කැපකිරීම මුලුමනින්ම ගඟට කැපූ ඉනි බවට පත්කරමින් මේ මොහත වනවිට ක්‍රියාත්මකව පවතින පුද්ගලික ආයතන හරහා විශාල වශයෙන් කොරෝනා ආසාධිතයන් පොකුරු වශයෙන් වාර්තා වෙමින් පවති..
ඒ හරහා එසේ ආසාධිතයන් බවට පත්වන්නන්ගේ නිවෙස් තුල සිටින සමීපතමයන් මෙන්ම ගම්වල සිටින ජනතාව පවා මේ සංචරන සීමා පවතිද්දීම දිගින් දිගටම පොසිටිව් වීම හේතුවෙන් ආසාධිතයන් ප්‍රමානයෙ කිසිදු අඩුවක් තාමත් දැකගනට නැත.
පුද්ගලික හා රජයේ පොදු ප්‍රවාහන සේව හැරුණු විට පාරවල් පුරාම වෙනදා මෙන්ම කාර්,වැන් ලොරි, ත්‍රීවිලර්,බයිසිකල් ආදී සියල්ලම වෙනදා මෙන්ම පෝලීම් ගැසී ගමන් කරමින් තිබේ.
රටේ එක් ජනකොටසක් සංචරන සමාවලට යටත්කොට තවත් අතිවිශාල පිරිසකට වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදි වැඩකටයුතු කරගෙන යාමට ඉඩ දිම හේතුවෙන් මේ සංචරන සීමා පැනවීම් හරහා සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන සාර්ථත්වය ලබාගත හැකිද යන්න මෙන්ම මේ භයානක වසංගත තත්වයෙන් රට බේරා ගැනීමට හැකිවේද යන්න අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.
මේ ටත්වය තුළ ඉතාම කඩිනමින් එන්නත්කරණය හරහා රටේ 70% වත් ජනතාවට එන්නත් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් දිනපතාම 40 කට අධික පිරිසක් ලෙස මේවනවිට අහමිවෙමින් යන අතිවිශාල වටිනා මිනිස් ජීවිත ප්‍රමනය තවදුරටත් ඉදිරියේදීද රටට අහිමිවීම නතර කිරීම ඉතාම අසීරු කටයුත්තක් බවට පත්ව ඇත

Leave A Reply

Your email address will not be published.

15 − 14 =