“එන්නත් සැපයීමේ රජයේ යාන්ත්‍රණය දුර්වලයි” – තිස්ස විතාරන

ජනතාවට එන්නත් සැපයීමේ රජයේ යාන්ත්‍රණය දුර්වල යැයි වෛරසවේදය පිළිබඳ ප්‍රකට විශේෂඥයකු වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය තිස්ස විතාරන සඳහන් කරයි.

මෙම යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් විය යුතු යැයි සඳහන් කරන මහාචාර්යවරයා එන්නත්කරණයේදී ජනතාව රස්තියාදු කරනවාට වඩා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හරහා පාරෙන් පාර ජනතාව කැඳවා එන්නත ලබාදෙන්නේ නම් එලෙස රස්තියාදු වීම වැළැකෙන බවද සඳහන් කරයි.

වයස 60ට වැඩි විශාල පිරිසක් එන්නත් ලබා ගැනීමට පෝලිම්වල රස්තියාදු වන ආකාරයක් අද පෙනෙන්නට තිබෙන බවද ඔහු පවසයි.

ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට හොඳ නිවාරණ අංශයක් පවතින හෙයින් එන්නත්කරණය සඳහා එහි සේවාව උපරිමයෙන් ලබා ගත හැකි බවද එලෙස ලබා ගන්නා ආකාරයක් තවමත් පෙනෙන්නට නැතැයිද මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි.

වයස 60ට වැඩි අයට සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට එන්නත්කරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පැවසූ ඔහු එවැනි තත්වයක් දක්නටද නැතැයි ප්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.

three × 2 =