“දියුණුව කියන්නෙ තියෙන සම්පත් විකුණා දැමීම නෙමෙයි – රට ආරක්‍ෂා කිරීමට පැමිණි අය රට විනාශය කරා ගෙනියනවා…”

රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ අද (02) බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. එසේම MCC ලිවිසුමට දැඩි විරෝධය පල කරමින් අපිත් එක්කවිරෝධය දක්වපු දේශපාලකයො අද බලයට පැමිණ ඊටත් වඩා දරුණු ලෙස කටයුතු කරන අතර රට තුළ ඒකාධිපතිවාදයකට හෝ බොරු කියා ගේම් ගසන ආකාරයේ වාදයකට ඉඩදිය නොහැකි බව අවධාරණය කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ

“මේ රටේ තියෙන සම්පත් විකුණා දැමීම පහසු වෙන්ඩ පුළුවන්. දියුණුව කියන්නෙ තියෙන සම්පත් විකුණා දැමීම නෙමෙයි.
භූමිය වෙනත් රටවලට පූජා නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයිද කාදිනල් හිමිපානෝ ප්‍රකාශ කළහ.”

“මේ ආණ්ඩුව 20 වන සංසෝදනය සම්මත කරන්න මුස්ලිම් ඡන්ද ගන්න කරපු විජ්ජාව අපි හොදින් දැක්ක. ඒක ඩීල් එකක්. මේවගේ දේවල් කරන්න 225 ක් ඡන්දය දීල පත් කරන්නේ මොකටද.”

වර්තමානයේ රට පවතින තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බවත් රට කුමන දිශාවකටද ඇදගෙන යන්නේදැයි තේරුම් ගත නොහැකි බවත් රටේ තීන්දු තීරණ ගන්නේ සහ පාලනය කරන්නේ කවුරුන්ද යන්න ගැන ගැටලුවක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ තළහ.

ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ ධනවතුන්, බලවතුන් හෝ විදේශ රටවල් පැත්තේ සිට නොව ජනතාව ගැන සිතා බවත්, දැහැමි ප්‍රතිපත්තිගරුක, විනිවිද පෙනෙන පාලනයක් වෙනුවට ටිකෙන් ටික රට බිලිගන්නා මෙම දූෂිත පාලන ක්‍රමයෙන් රට විනාශ වනු ඇතැයිද සඳහන් කළහ.

Leave A Reply

Your email address will not be published.

eleven − three =