“හැමෝටම පිකාසෝලා වෙන්න බෑ. ඒ හින්ද පිකාසෝලා රැක ගත යුතුයි”

රංගන හේරත් කියන්නෙ අජිත් ද සිල්වගෙන් පස්සෙ අපිට හිටපු හොඳම වමත් දඟ පන්දු යවන්නා. ඔහුගෙ ටෙස්ට් අත්දැකීම් හා දස්කම් දෙවෙනි වෙන්නෙ මුරලිට විතරයි.
ටෙස්ට් වලින් සමු ගත්තට පස්සෙ ඔහු level 11 පුහුණු පාඨමාලාවත් හැදෑරුවා. ඒ කියන්නෙ හොඳ දඟ පන්දු පුහුණුකාරයෙක් වෙන්න සුදුසුකම් තියෙනවා.
දැන් බංග්ලාදේශය මීළඟ ඔවුන්ගෙ සංචාරයට තමන්ගෙ දඟ පන්දු යවන පුහුණුකරු හැටියට බඳව ගන්න රංගන එක්ක සාකච්ඡා කරන්න පටන් අරන්.
බංග්ලාදේශය කියන්නෙ අපේ පුහුණුකාරයන්ගෙන් අපට වඩා හොඳ ප්‍රයෝජනයක් ගත්ත රටක්.
මීට දශක දෙකකට කලින් ඔවුන් අපෙන් ගෙන්න ගත්ත කාල්ටන් බර්නාඩස්, මැල්කම් පෙරේරා, සෙනරත් අල්විස් ලවා ඔවුන්ගෙ කණිෂ්ඨ ක්‍රීඩකයන් පුහුණු කර ගත්තා.
ඊට පස්සෙ චම්පක රාමනායක හා රුවන් කල්පගේ ගෙන්න ගත්තා.
ඉන්පසුව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ , කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස JC ගමගේත් අභ්‍යාසක ලෙස මරියෝ වෙල්ලවරායනුත් 19 න් පහළ පුහුණුකරු ලෙස නවීඩ් නවාසුත් ගෙන්න ගත්තා.
කාලයක් මුළුල්ලේ අදටත් බංග්ලාදේශයේ තණතීරු භාරකරු ගාමිණී සිල්වා.
මේ බොහෝ අය අපි හරි හැටි වැඩක් නොගත්ත අයයි. එහෙම නැත්තන් බාගෙට වැඩ අරන් පස්සෙ නොතකා හැරිය අයයි.
කොහොම වුණත් මේ ගොඩට රංගනවත් යවනවද එහෙම නැත්තන් ඔහුගෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවද කියන එක අද හෙට තීරණය වේවි.
එක දෙයක් කියන්න ඕන සහතිකයක් ගත්තු පුහුණුකාරයො ඕන තරම් ඉන්නවා. එපමණකින් හෝ රට නියෝජනය කළ පමණින් දක්ෂ පුහුණුකාරයෙක් නම් වෙන්නෙ නෑ.!
ඒකත් කලාවක්. හැමෝටම පිකාසෝලා වෙන්න බෑ. ඒ හින්ද පිකාසෝලා රැක ගත යුතුයි.
– රංජන් පරණවිතාන (fb)

Leave A Reply

Your email address will not be published.

2 × two =