මෙරට සිනමාවට අමිල මෙහෙවරක් කළ ජී.ආර්. පද්මරාජ් අභාවප්‍රාප්ත

මෙරට සිනමාවට දැවැන්ත දායකත්වයක් දුන් CEL සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවන ජී.ආර්. පද්මරාජ් අභාවප්‍රාප්ත වී ඇත.

ඉන්දියාවේ දී ශල්‍යකර්මයකට රෝහල්ගතව සිටියදී ජී.ආර්.පද්මරාජ් ඊයේ(31) ජිවිතක්ෂයට පත් වී තිබේ.

මියැදෙන විට ඔහුගේ වයස අවුරුදු 69 වියේ පසු වූ ජී.ආර්. පද්මරාජ් ‘සිනමාස්’ සමාගම මෙන්ම හැඳල විජය චිත්‍රාගාරයේ අයිතිකරු වන කේ ගුණරත්නම්ගේ පුතණුවන්ය.
ආර් පද්ම රාජ තම පියාගෙන් උරුම වූ කේ ජි ආයතනය මෙන්ම සැෆයාර්, කිංග්ස්ලි, කැපිටෝල්, බොරැල්ල ලිඩෝ, මහනුවර වෙම්බ්ලි, මීගමුවේ රාජ්, යාපනයේ ලිඩෝ, අම්පාර හා මඩකලපුව විජයා ඇතුළු සිනමාහල් රාශියක හිමිකරු වෙයි. ‍

Leave A Reply

Your email address will not be published.

nine − two =