එංගලන්ත සංචාරයට මූලික සංචිතය නම් කරයි – 20/20 නායකත්වයත් කුසල් ජනිත්ට

මෙම මස (ජුනි) මස මැද භාගයේදී ආරම්භ වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් 28 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරාගනු ලැබ තිබේ.

මේ අතර එම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද නම් කර තිබුනද පෞද්ගලික හේතුවක් මත එංගලන්ත සංචාරයට තමා එක් නොවන බව මැතිව්ස් දන්වා තිබේ.

මේ අතරම පසු ගිය බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ සංචාරවලට එක් නොවූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචාරයට කැඳවා ඇති බව ද සඳහන්.

පසුගිය බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් 18 දෙනාට අමතරව එංගලන්ත සංචාරයේ මූලික සංචිතය මෙසේය.

අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ඕෂධ ප්‍රනාන්දු
චරිත් අසලංක
කමිල් මිෂාර
ධනංජය ලක්ෂාන්
ප්‍රවීන් ජයවික්‍රම
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ඉෂාන් ජයරත්න

මෙම මූලික සංචිතයේ ක්‍රීඩකයින් 28 අතරින් ක්‍රීඩකයින් 24 දෙනෙක් ජූනි මස 8 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා – එංගලන්ත තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලිය ජුනි 23 වෙනිදා ආරම්භ වන අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජුනි මස 29වෙනිදා ආරම්භවීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

four + five =