ඊයේ(31) වාර්තාවේ ආසාදිත මරණ 43ක්, 24 හැවිරිදි අයෙක් ඒ අතර

ඊයේ (31) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පුද්ගලයින් අවුරුදු 24ත් 95 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.
මේ අතරට රත්තොට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් ද වෙයි.

Leave A Reply

Your email address will not be published.

17 + sixteen =