සැබැවින්ම ව්‍යසනය කෙබඳුද?

රසායනික ද්‍රව්‍ය ඇතුලු බහාලුම් 1486ක් රැගෙන සිංගප්පුරු ධජය යටතේ යාත්‍රාකරමින් පැවති x-press pearl නෞකාව කොලඹ වරායට පිවිසිම සදහා ආසන්නයේ නැංගුරම් ලා තිබියදි හටගත් ගින්න හා ඉනික්බිති පෙළගැසුනු සිදුවිම් දාමය අප අසමින් දකිමින් සිටින්නේය.
ගින්න පාලනය කර ගැනීමට සමත්වු බව වගකිව යුතු පාර්ශවයන් සදහන් කරන මුත් නෞකාවෙන් නිදහස් වු අතිමහත් රසායනික හා දැවුනු සුන්බුන් වයඹ දිග වෙරළ කලාපයේ සිට දිවයින පුරා වන නොගැඹුරු මුහුදු තිරයෙහි පැතිරෙමින් පවතී.
එමෙන්ම දින හත අටක් තිස්සේ දැවෙමින් පැවති රසායනික බහලුම් ගුවනට මුදාහල දුෂිත වායු ප්‍රමානයද සුලු පටුනොවේ.
තත්වය මෙසේ තිබයදි ව්‍යයසනය විසින් ඇතිකර ඇති අති මහත් පාරිසරික බලපැම පිලිබද අදහසක් ලබා ගැනිම සදහා මෙම නෞකාවේ පැවති රසායනික හා ඒවායේ පිරිසර විද්‍යාත්මක බලපැම පිලිබද මුලික සලකාබැලිමක් කල හැකිය.
සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරිය පවසන පරිදි මෙම නෞකාව ගිනිගන්නා විට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, සෝඩියම් මෙතොක්සයිඩ් විශාල ප්‍රමානයක් , මෙතනෝල්, කෝසිටික් සෝඩා,සහ අඩු ඝනත්ව පොලිතින් නිපදවිමට යොදාගන්නා Lotrene නැමති වෙලදනාමයෙන් හදුන්වන පොලිප්‍රොපේන් කාංඩයේ ප්ලාස්ටික් බිදිති හෙවත් plastic nurdles කිලෝ විසිහය දහසක් සහ රුපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා නිශ්පාදන විශාල ප්‍රමානයක් බහාලුම් තුල ගබඩාකර තිබි ඇත.
මෙහිදි මෙහි වැඩිම ප්‍රමානයකින් අංතර්ගතව පැවති නයිට්‍රික් අම්ලය පිලිබද සැලකුවිට එය ජීවි දේහයන් හි පටක ඔක්සිකරනයට ලක්කරන ස්පර්ශ උවහොත් ප්‍රබල පිලිස්සිමක් ඇති කල හැකි අම්ලයක් බව අප දනි. එමෙන්ම ලෝහ අතැලු වෙනත් බොහොමයක් පෘෂ්ටයන් කාදනයට ලක් කිරිමේ හැකියාව නයිට්‍රික් අම්ලය සතුය.
එමෙන්ම ජලයේ දියවිමේදි එම මාද්‍යයේ pH අගය සීඝ්‍රලෙස පහත හෙලීමට නියිට්‍රික් අම්ලය දායක වන අතර දහනයේදි නයිට්‍රස් ඔක්සයිඩ්,නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි අම්ල වැසි ඇතිවිමට මුල්වන වායුන් නිදහස් විමේ අවදානමක්ද තිබේ.
කෙසේ වෙ⁣තත් සා ගරයේ පවතින අතිමහත් ජලදාරිතාව හා එහි ගතික ස්වබාවය හේතුවෙන් ජලයට එක්වන ප්‍රබල අම්ල හෝ භෂ්මයක් ඉක්මනින් තනුක වන අතර මුහුදු ජලයේ ඇති ස්වාරක්ෂක ගුනය මත pH අගය සැලකිය යුතු මට්ටමකින් වෙනසකට ලක්නොවි පවත්වා ගැනිමේ හැකියාවක් සාගරය සතුය.
එනමුත් මුහුදේ එකවර ගිලිගිය බහුලුම් තුල ඇති නයිට්‍රික් අම්ලය මහුදු පතුලේදි නිදහස් වුව හොත් මෙම තනුක වීම සිදුවන තෙක් ඒ ආශ්‍රත පරිසරයේ පවතින කොරල් ජිවින්හා සත්ව කවච විනාශයට ලක් විය හැකි අතර ආමිලිකත්වයට සංවේදි මත්ෂ්‍ය විශේෂ, පතුල ආශ්‍රිතව ජිවත්වන අපෘෂ්ඨවංශින් මෙන්ම නිමග්න ජලජශාක විනාශයට ලක් විම අපේක්ෂා කල හැක.
එමෙන්ම නයිට්‍රික් අම්ලය මුහුදුජලයේ ඇති ඇතැම් ද්‍රව්‍ය හෝ මෙම නෞකාවේ පැවති කෝසිටික් සෝඩා හා සොඩියම් මෙතොක්සයිඩ් වැනි ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා වීම තුල සාගර පතුල ආශ්‍රිතව නයිට්‍රෙට් මට්ටම ඉහලයාහැකි අතර එමගින් යම්කාලසිමාවකට පසු මෙම පරිසර පද්ධතියට දරාගත නොහැකි මට්ටමකින් ඇල්ගි හො සයනො බැක්ටිරියාවන්ගේ වැඩිමක්ද අපේක්ෂා කල හැකිය.එයද මුහුදු පතුලේ ජිවත්වන ජිවින්ට හානිකර තත්වයක් ඇතිකරයි.
මෙහි වැඩිපුරම පැවති අනෙකුත් රසායනිකය වන සෝඩියම් මෙතොක්සයිඩ් කාර්මික හා රසායනාගාර කටයුතු සදහා බාවිතාවන අස්තායි මෙන්ම අනුතුරු දායක රසායනිකයකි. මෙම රසායනිකයේ විශ මට්ටම පිලිබද යම් අදහසක් ලබි ගැනිම සදහා එහි විෂ විද්‍යත්මක දත්ත කිහිපයක් සලකා බැලිය හැකිය.
ඕනැම රසායනිකයක් වානිජ මට්ටමෙන් නිපදවන විට හා ප්‍රවාහනයේදි ලගතබා ගතයුතු ජාත්‍යන්තරව පිලිගත් ලේකනයක් සැම වානිජ රසායනිකයකටම ඇත.
එය Material Safety Data Sheet(MSDS) නම් වන අතර එහි හදිසියකදි සැලකිලිමත්විය යුතු රසායනිකයේ සියලු තොරතුරු මෙන්ම විශමට්ටම් පිලිබද පාරිසරික පරාමිතින් ඇතුලත් කර ඇත.
මේ අනුව අප මෙම නැවේ පැවති සෝඩියම් මෙතොක්සයිඩ් හි MSDS ලේකනය කියවු අතර එහි පවතින රසායනික කාංඩකරනය Danger හෙවත් අනතුරු දායක කාංඩයේ ව සදහන් විය.
එයට අමතරව මෙවැනි හදිසි අනතුරකදි රසායනිකයෙන් පරිසරයට හො රසායනිකයට සෘජුලෙසම නිරාවරනය ජිවියකුට ඇතිකරන විෂභාවය පිලිබද වන ජාත්‍යන්තරව පිලිගත් පරිසර විද්‍යාත්මක පරාමිතින් දෙකක් පවති. එය LD 50 අගය හා LC50 අගය ලෙස හදුන්වයි.
මෙහි LD 50 යනු lethal doss හෙවත් මාරක මාත්‍රාව ලෙස හදුන්වන මිනුමකි.මෙමගින් අදහස් වන්නේ මෙම රසායනිකය යම් සත්වයින් ඝහනයකට මුඛයෙන් ලබා දුන් හොත් එම සත්වයින්ගෙන් හරි අඩක් මිය මැයට ලබාදිය යුතු දේහබර කිලෝග්රුමයකට සාපේක්ෂ රසායනිකයේ ස්කන්දයයි.
එම අගය කුඩා වන තරමට රසායනිකයේ විශ බාවය ඉහල බවකිව හැකිය. ඒ අනුව මෙම නැවෙහි පැවති සෝඩියම් මෙතොක්සයිඩ්හි LD 50 අගය 800mg/l ලෙස සදහන්වු අතර එය දරුනු ගනයේ විශ මට්ටමක් ලෙස සැලකිය හැකිය.එමෙන්ම LC50 නම් මිනුමෙන් අදහස් වන්නේ මාරක සාන්ද්‍රනයයි.
එනම් මෙම රසායනිකය ජලයට නිදහස් වුවහොත් එම මාද්‍යයේ වෙසනෙ මත්ස්‍යයින් වැනි සත්වයකුගේ ගහනයකින් හරි අඩක් මිය යැමට දේහබර කිලෝග්‍රැමයකට සාපේක්ෂව පැවතිය යුතු සාන්ද්‍රනයි. මෙම නැවෙ පැවති රසායනිකයේ LC50 සදහන්වුයේ 346mg/l ලෙසය.
එයද සැලකියයුතු දරුනු විශමට්ටමකි. මෙම පරාමිතින් මගින් පෙන්නුම් කරනු ලබන්නේ මෙම රසායනිකයට මුහුනදෙන සත්වයකුට හෝ ශාකයකට බරපතල මාරක හානියක් ඇතිවිය හැකි බවය.එමෙන්ම මෙම විශ සත්වයාගේ වකුගඩු ඇස් හා ස්වාසනාලවලට සෘජු හානි ඇතිකල හැකි බව අදාල ලේකනයන්හි සදහන් ව ඇත.
කෙසේ වෙතත් මුදුදට එක්විමේදි පෙරකි පරිදි ඉක්මනින් තනුක විම නිසා මෙම රසායනිකයේ හානියද යම් කෙටිකාලයට පමනක් පැවතිය හැකි අතර එම කාලසිමාව තුල නිරාවරනය වන ජිවින් මිය යැම හෝ ඔවුන්ගේ ජෛවිය ක්‍රියාකාරිතවයන් විකෘතිවිම අපේක්ෂා කල හැකිය.
සොඩ්යම් මෙතොක්සයිඩ් නැමති මෙම රසායනිකයට ජලය එක් විමේදි විශාල තාපදායි ප්‍රතික්‍රියාවක් සිදුකරමින් සෝඩියම් හයිඩොක්සය්ඩ් නැමති ප්‍රබල භෂ්මය සහ මෙතනෝල් බහිවිම සිදුවේ.
මෙම මෙතනෝල් සත්වයින්ල්‍ගේ ඇස් හා ස්නායු පද්දතියට හාන් පමුනුවන අතර ගිනිගැනිමකටද ලක්විය හැකිය. සැබැවින්ම මෙම නැව නිවාදැමිමට ජලය එක්කිරිමේදි ගින්න තව තවත් ප්‍රබල වුයේ මෙම ප්‍රතික්‍රියාව සිදුවිම නිසා යැයි අනුමාන කල හැකිය.මේවාට අමතරව නැවේ වැඩිපුර අංතර්ගතව පැවත් කෝස්ට්ක සෝඩා සහ මෙතනෝල් මුහුදු ජලයට එක්විම කෙටි කාලින නමුත් ප්‍රබාල හාන්යක් ඇති කල හැකිය.
ඉහතකි සියලු රසායනිකයන් විශසහිත නමුත් ඒවා ඉක්මනින් වියෝජනය වන බැවින් හානිය පැවතිය හැක්කේ යම් සිමිත කාලසිමාවකට පමනය.එසේ නමුත් මෙම නැවේ තිබි ගින්නට හසුව දැවිගිය අනෙකුත් රුපලාවන්‍ය නිශ්පාදන හා කිලෝ විසිහයදාහක් පමනවු ලොට්‍රින් නැමති ප්ලාසිටික් අමුද්‍රව්‍ය බිදිති(පැලට්/ නර්ඩල්ස් )අපගේ වෙරල කලාපයට ඇතිකල හැකි බල පැම බොහෝ දිර්ඝ කාලයක් පැවතිය හැකිය.
දැවිගිය සුන් බුන් හා ප්ලාස්යිටික් බිදිති වියෝංන ක්‍රියාවලියට අඩුම තරමින් වසර 25ක් වත් ගතවනු ඇත. එම කාල සිමාව තුල මෙම අපද්‍රව්‍ය නොගැඹුරු මුහුදු තිරය පුරා ව්‍යාපත වෙමින් මුහුදු පතුලේ ජිවින් හා ශාකවල වාසස්තාන වසාගනිම්න් පැතිරය හැකිය.
ලංකාවේ බටහිර වෙරල කලාපයට කලු ගග හා කැලනිගග වාර්ශිකව ගෙන එන අතිමහත් වැලි සහිත අවාසාධිත ප්‍රවාහය සමග මෙම ප්ලාසිටික් කැටිති මිශ්‍රවි ස්තර ලෙස තැන්පත්විම නිසා ඉක්මනින් මුහුදු පතුලෙන් ඉවත්විමක් බලාපොරොත්තු විය නොහැක.
එහෙන්ම මෙම ප්ලාස්ටික් කැටිති ආහාරයට ගන්නා මත්ෂ්‍යයින් වෙනත් මාංශ භක්ෂක මත්සයකුගේ ගොදුරු බවට පත්විම හරහා ක්ෂුද්‍ර ප්ලාසිටක් අංශුන් ආහාර දාම ඔස්සේ සාගර වාසි පක්ෂින්ට හා අවසානයේ මත්ෂ්‍යමය ආහාර සමග පැමින මිනිස් ශරිරයට ඇතුල්විම වැලැක් විය නොහැක.
සාමාන්‍යයෙන්දිවයින අවට බටහිර වෙරල කලාපයේ දිය වැල් වල ක්රියාකාරිත්වය මත මුහුදු පතුලේ ඇත අවසාදිත දකුනේ සිට උතුරට ගලා යැම අපේක්ෂා කරයි.එසේ උව හොත් මෙම ප්ලාස්ටික් කැටිති ඇතුලු සියුලු දුෂක උස්වැටකෙයියාවේ සිට,ජාඇල, මිගමුව කලපුව කල්පිටිය ආදි ප්‍රදේශ පසුකරමින් මන්නාරම දක්වා විහිදි යැම සිදුවිය හැක.
නමුත් මේ දින වල නිරිතදිග මෝසම සක්අරිය විම සමග අප දකින දිවයිනේ උතුරු දේසින් පැමිනෙන දියවැල් ප්‍රවාහය ඉහතකි සුපුරුදු ගලා යැම වෙන්වට දකුනු දෙසට ගලා ගොස් කලුතර,ගාල්ල මාතර ආදි ප්‍රදේශවල නොගැබුරු මුහුදු තීරය සහ වෙරල මත බල පැමක් කරනු අපේක්ෂා කල හැකිය.
මුහුදු ජලයේ අවලම්බිත හා පතුලේ තැන්පත්වු රසායනිකයන්ගේ බලපැම ජලයේ ගුනාත්මක තාවය වෙනස් විමට මුල්වන අතර එය සෘජුලෙසම සාගර ජිවින්ගේ ප්‍රජනන හැකියාවනට හා සත්ව චර්යාවන්ටද බලපැම් ඇති කල හැකිය.එමගින් මතස්‍ය ගහනය අඩුවිම තුල ධ්වර කර්මාන්තයට දැඩ් බලපැමක් එල්ලවිම නොවැලැක්විය හැකි අනතුරකි.
වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතින්ට මෙම සිදුවිම මගින් ඇතිකල හැකි බලපැම සැලකිමේදි ජලයේ දියවු රසායනික හා වෙරලට ගසාගෙන පැමිනි අවලම්බිත අංශුන් වැඩපුරම තැනපත්වන ගල්පර සහිත මුහුදු වෙරල සහ එහි අංතර් උදම් කලාපය නොගැඹුරු මුහුදේ ජෛව විවිදත්වය ඉහලම පරිසර පද්ධතියකි.
මෙම කලාපයේ පවතින ජලජ පැලැටි, ඇලිගි ශාක හා ප්ලවංග මෙම අවලම්බිත දුෂක තැන්පත්විම එම කලාපයේ ජෛව විවිදත්වයට දැඩි බලපැමක් ඇතිකල හැකිය. එමෙන්ම මෙම දුෂක වියෝංනය විම සදහා ජලයේ ද්‍රව්‍ය ඔක්ෂිජන් වැයවිම මත ඇති ද්‍රව්‍ය ඔක්ෂිජන් හිගය හා pH අගයේ විචලනයන් මිගමුව කලපුව වැනි ලවන වගුරු ආශ්‍රිතව ජිවත්වන Catadromous හෙවත් කරදිය හා කිවුල්දිය අතර සැරිසරමින් ජිවන චක්‍රය සම්පුර්න කරගන්න මත්ස්‍ය විශේෂ වලට හා ඉස්සන් පොකිරිස්සන් වැනි සත්වයින්ට මෙම බලපැම දැඩිව ඇතිකල හැකිය.
යම්කිසි ආකාරයකින් මල සත්ව දේශයන් හා රසායනික අපද්‍රව්‍ය වෙරල ආශ්‍රිත කලපු වල එක්රැස්විම කලපු සුපෝෂන තත්වයකට පත්විමට මුල්විය හැකි අතර එවැනි අවස්තාවකදි ජලයේ ක්ෂනික ඔක්ෂිජන් හිගයක් ඇතිකරමින් එකවර සිදුවන විශාල පරිමානයේ මත්සයින් මියයැමක් අපේක්ෂාකල හැකිය.
– කපිල මහේෂ් රාජපක්‍ෂ (fb)

Leave A Reply

Your email address will not be published.

20 − thirteen =