අපේක්ෂකත්වය අහිමි වූ සජිත් පිල හදිසි සන්ධානයක් අටවයි

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තමන් බව කියමින් රට පුරා පුළුල් ප්‍රචාරයක් ගෙන ගියද තමන්ට එජාප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව අවම විමත් සමග නව පෙරමුණක් හෝ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග වැසීමට සජිත් පේ‍්‍රමදාසට හිතවාදී කණ්ඩායම තීරණය කර ඇත. එම සන්ධානය සඳහා ජාතික හෙල උරුමය පක්ෂය ද එකතු වීමට කැමැත්ත පල කර තිබේ. ඒ සජිත් ජනාධිපති තරගයෙන් ජයග්‍රහණය කළහොත් ඉන් අනතුරුව එළඹෙන මහ මැතිවරණයේදී පාඨලී චම්පික රණවකට අගමැති අපේක්ෂකත්වය ලබා දීමේ පොරොන්දුව පිටය.

මේ පිලිබව වූ සාකච්චාවක් සජිත් පිල හා ජාතික හෙල උරුමයේ ප‍්‍රධානීන් අතර පැවැත්වී ඇත. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හකීම්, බදියුදීන්, මනෝ ගනේෂන් ඇමතිවරුන්ද මෙම නව පෙරමුණ සදහා එකගතාවක පසුවන බවද සදහන්ය.

එසේම මෙම සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ද ඉක්මනින්ම සාකච්ඡා පැවැත්වීමට සජිත් පිල විසින් තීරණය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

4 − two =