බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝට එරෙහිව ජනතාව වීදි බසිති

ඊයේ(29) සෙනසුරාද බ්‍රසීල ජනතාව දස දහස් ගණනින් සෑම නගරයක් පුරාම විරෝධතා දක්වන ලද්දේ කොවිඩ් වසංගතය හරි හැටි කළමනාකරණය පැහැර හැර බ්‍රසීලය මිනිස් ඛේධවාචයකට ඇද දමන ලද එහි දක්ෂිණාංශික ජනාධිපති බෝල්සරානෝ දේශාභියෝගයකට ලක් කොට බලයෙන් පහ කරන ලෙස ඉල්ලා සිටිමිනි.
මේ චායාරුපය ජනතා කෝපයේ තරම පෙන්වයි.බෝල්සනාරෝ රට වසා දැමීමට කල ඉල්ලීම් ඉවත දමමින් වසංගතය සුළුකොට තැකීය. මෙනිසා බ්‍රසීල ජනතාව බරපතල ලෙස රෝගාතුර වුවා පමණක් නොව ලක්ෂ 5 පමණ ජනතාවකට ජීවිත වලින් මේ දක්වා වන්දි ගෙවීමට සිදුව ඇත.තවමත් මෙහි අවසානයක් දකින්නට නැත. ඔහු බලයට පත්කළ ජනතාව පවා ඔහුට විරුධව දැන් ඔහු පන්නා දැමීමේ අරගලයට සම්බන්ධ වී සිටිති. මෙයි පෙනීයන්නේ ජනතාව ඉවසීමේ සීමාවකට අවතීරණය වන බවයි.
– දයාපාල තිරාණගම(fb)

Leave A Reply

Your email address will not be published.

19 − 17 =