තහවුරු කළ කොවිඩ් මරණ 42 ක් ඊයේ (29)

ඊයේ (29) දිනයේ තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය. මෙම වාර්තාවට අනුව ඊයේ දිනය තුළ පමණක් මිය ගිය ගණන 6 කි.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන පවසයි.

මියගිය පුද්ගලයින් අවුරුදු 35ත් 93 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

 

 

Leave A Reply

Your email address will not be published.

14 + nineteen =