කොවිඩ් ආසාදිතව සුවය ලැබූ බද්දේගම සමිත හිමි අපවත්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු (ලංකා ඉතිහාසයේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමිකරගත් භික්ෂුන් වසන්සේ) මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වී තිබේ.

මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම උන්වහන්සේ අපවත් වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

බද්දේගම සමිත හිමි මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර සිටියදී ස්වසන අපහසුතා හේතුවෙන් මෙලෙස මාතර පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.

මියයන විට උන්වහන්සේ 69 වන වියේ පසු විය.

Leave A Reply

Your email address will not be published.

12 − three =