“මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක්”

ඊයේ (27) මොරටුවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසටහනම විනාශ වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අද(28) පැවසීය.

ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර මෙවැනි දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද වැඩි දුරටත් පැවසීය.

කොරෝනා ආසාදිතයින් වාර්තාවීම පිළිබඳ දත්ත අනුව සෞඛ්‍ය අංශවල ද සහයෝගයෙන් එම ප්‍රදේශ තෝරාගෙන ඇති බවත්, දිස්ත්‍රික්කවල ද එන්නත් ලබාදෙන්නේ අවශ්‍යම ප්‍රදේශවලට බවත් ප්‍රකාශ කළ අතර කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ප්‍රදේශ තෝරාගෙන ඇත්තේ විද්‍යානුකූල පදනමක් යටතේ බවද ජනාධිපතිවරයා පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.

2 × 4 =