ඊයේ (27) කොවිඩ් ආසාදිත මරණ 27 න් 07 ක් ම නිවෙස් තුළ

ඊයේ (27) රාත්‍රියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ 27 න් 07 දෙනෙකුම මරණයට පත්ව ඇත්තේ නිවෙස් තුළ දී වන අතර තවත් 04 දෙනෙකු මරණයට පත් වී ඇත්තේ රෝහළට ඇතුළත් කරන අවස්ථාවේ දී මය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම අනුව ඊයේ දින මරණ 04ක් ද මැයි 22 – 26 කාලය තුළ සිදු වූ මරණ 23ක් ද කොවිඩ් 19 ආසාදිතව මිය ගිය බවට තහවුරු වී තිබේ.

මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරුවට අනුව ඊයේ (27) දින දී කොවිඩ් මරණ ලෙස තහවුරු වූ 11 දෙනෙකුම වෛද්‍ය ප්‍රතිකාර නොලබා මරණයට පත්ව ඇති බව පැහැදිළිය.

ඊයේ වාර්තා වූ මෙම මරණ 27 තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 1325 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

ten − 8 =