මොරටු නගරාධිපතිගේ යකා නැටීම දිගටම

කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල බස්නාහිර පළාත ඇතුළු තවත් පළාත් තුනක සිදුකරමින් අතර ඊයේ (27) ඇතැම් ස්ථාන කිහිපයක උණුසුම් තත්ත්වයන් වාර්තා වී තිබුණි.

මේ අතර මොරටුව ප්‍රදේශයේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමේදී තමන් නිකුත් කළ තුණ්ඩු අනුව එන්නත් ලබා දිය යුතු බවට ‌මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ප්‍රකාශ කිරීමත් සමග එහිදී නගරාධිපති සහ රජයේ ‌සෞඛ්‍ය අංශ නිලධාරීන් උණුසුම්කාරී කතා බහක් ඇති විය.

ඊයේ දිනයේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ රජයේ ‌සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පැමිණ එන්නත ජනතාවට ලබා දීමට සූදානම් වුවද නගරාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ඔහු නිකුත් කළ තුණ්ඩුවලට එන්නත ලබා දිය යුතු බව ප්‍රකාශ කළත් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඊට විරෝධය පළ කළේය.

මීට පෙර දින කිහිපයකදීම මෙම නගරාධිපති වරයා මෙලෙසම තුන්ඩු බෙදාදෙමින් තම පාක්ෂිකයන්ට සහ හිතවාදීන්ට එන්නත් ලබා දුන් බවට මාධ්‍ය වාර්තා කළේය. ඊයේ මේ පිළිබඳව මොරටු නගරාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ජනතාවද අසරණ කරමින් කටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය.

මොරටුවේදී ඊයේ ඇතිවූ සිදුවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා සිද්ධිය පිළිබඳ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් වාර්තාවක් ඉල්ලූ බවද සඳහන් වෙයි.
රට පුරා එන්නත් කරණය සිදුවන යම් පටිපාටියක් තිබියදී මෙම මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ දිගින් දිගටම කරනුලබන ක්‍රියාව පිළිබඳව වගකිවයුතු අංශ කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරයි.

Leave A Reply

Your email address will not be published.

2 × three =