ශ්‍රී ලංකාවේ සංචාරය කළොත් බහරේනයට එන්න එපා

වේගයෙන් පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කරන පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව , ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා මෙලෙස තහනම් කරනු ලැබ ඇති බව බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග පවසයි.

මෙම රටවල් වළ සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම එම රටට ඇතුළුවීම වැළැක්වීම වෙනුවෙන් බහරේන රජය මෙම තීරණය ගෙන තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ වේගයෙන් කොවිඩ් තත්වය උත්සන්න වීමත් සමග ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මීට දින දෙකකට පෙර එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය මේ වනවිට කොවිඩ් තත්වය යම්තාක් දුරකට පාලනය කරගෙන ඇති අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුරවැසියන්ට මුව ආවරණ නොමැතිව සංචරණය කිරීමට අවසර ලබා දී ඇත.

Leave A Reply

Your email address will not be published.

5 − five =